Friday, May 17, 2024

General line - 0115112241

"ගෙවතු වගා මිලියනයක්" : ඇඳිරි නීතිය නිසා රජයෙන් නව වැඩසටහනක්




මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ගෙවතු වගා මිලියනයක වැඩසටහන හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. 

වසර ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම වැඩසටහන වියළි කාලගුණය හේතුවෙන් ප්‍රමාද වූ බවයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බන්ඩාරා හපුහින්නේ ප්‍රකාශ කර සිටියේ.

"ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මිනිසුන්ට නිවසේදී කිසිවක් කළ නොහැකිය. එබැවින් ඔවුන්ගේ මානසික සුවතාවය සහ විවේකය සඳහා අපි ගෙවතු වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළා" මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේලේකම්වරයා කියා සිටියා.

ඔහු පවසන පරිදි බීජ හා පැල බෙදා හැරීම සිදු කෙරෙන අතර වැඩසටහනට සහභාගී වන අයට ගෙවතු වගා උපදෙස් ලබා දෙනු ඇත. “මිරිස් ඇතුළු එළවළු පැල දහයක් බෙදා හැරීමට අපි කටයුතු සූදානම් කර තිබෙනවා. එමඟින් මිනිසුන්ටය නිවාසවල පවා ගෙවතු වගා ක්‍රමය ආරම්භ කළ හැකියි” බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම සඳහා මෙන්ම කෘෂිකාර්මික කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ගනු ලැබූ පියවර කිහිපයකින් එකක් ලෙස මෙම වැඩසටහන හැඳින්විය හැක.

පරිප්පු සහ කරවල වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් පවතින අතර එය ඉදිරි දින කිහිපය තුළ සපුරාලිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

“අපට අවශ්‍ය වූයේ මෙම නිෂ්පාදන සියල්ලම රාජ්‍ය සේවා මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් මහජනයාට විකිණීමයි. කෙසේ වෙතත්, දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පනවා ඇති බැවින් මිනිසුන්ට මෙම ස්ථානවලට යාමට හැකියාවක් නැහැ. මේ අනුව, පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය දෑ ලබා දීමට කටයුතු යොදා ඇති අතර, ඇඳිරි නීතිය පැනවූ විට පවා බාධාවකින් තොරව අත්‍යවශ්‍ය කෘෂිකාර්මික හා පශු සම්පත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි" අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.