Friday, May 17, 2024

General line - 0115112241

රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව




මරණ දඩුවම නියම වී සිටි හිටපු යුද සෙබළෙකු වන සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ අද නිදහස් කෙරුණා. සුනිල් රත්නායක සේවය කළේ යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙසයි. දිගු දුර විහිදුම් බලකායේ ද ඔහු කැපී පෙනෙන සෙබළෙකු වුණා. 

යුද්ධය පැවති වකවානුවේදී මිරුසුවිල් යුද හමුදා කදවුර ආසන්නයේදී අට දෙනෙකු ඝාතනය කළ බවටයි සුනිල් රත්නායක චෝදනා ලැබ සිටියේ. ඉකුත් ආණ්ඩුව සමයේදී ඔහුට මරණ දඩුවම නියම කෙරුණා.