Friday, May 17, 2024

General line - 0115112241

ඇදිරි නීතිය කැඩූ තවත් 62 ක් අත්අඩංගුවට

රංජිත් රාජපක්‍ෂ




අද උදෑසන හයේ සිට දහවල් 12 දක්වා කාලයේදී ඇදිරි නීතිය පනවා තිබූ ප‍්‍රදේශවල ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 11 ක්ද මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර ඇදිරි නීතිය උල්ලංඝණය කරමින් මැණික් ගැරූ පස් දෙනෙකු බගවන්තලාව, ලොයිනෝන් වත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැණික් ගැරීමට යොදාගත් උපකරණද අත්අඩංගුවට ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.