Friday, May 17, 2024

General line - 0115112241

ඖෂධ බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුවත් එක්වේ




රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන් වෙත නිවසට ගොස් භාරදීමේ වගකීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගෙන තිබෙනවා. ඒ අනුව ලියාපදිංචි රෝගීන් වෙනුවෙන් රෝහල් විසින් පාර්සල් කර භාරදෙන ඖෂධ තැපැල්කරුවන් රෝගීන් වෙත නිවසට ගොස් භාරදෙනු ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ. 

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලට බෙදාහැරීම සදහා තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන හා කාර්ය මණ්ඩල දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත අනියුක්ත කිරීමටද තීරණය කර තිබෙනවා. දිස්ති‍්‍රක් ලේකම්වරුන් විසින් ඉල්ලා සිිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සදහා තැපැල් කාර්යාල පිහිටි පරිශ‍්‍ර භාවිත කිරීමටද අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන අවස්ථාවලදී අවම වශයෙන් දිනකට පැය දෙකක කාලයක් සියළු තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව තැබීමටද තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.