Friday, May 17, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා වැළදේ




බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

තමන්ට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් ඒ අවස්ථාවේදී තමන්ට ලද උපදෙස් මත ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය ධනාත්මක වූ බවයි සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ.

මේ වන විට තමන් නිවසේ සිට වැඩකටයුතු කරන බවත් සියලු දෙනා එක්ව නව කොරෝනා වෛරසය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඒ හේතුවෙන් හැකිතාක් නිවසට වී කාලය ගත කරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය රටවැසියන් ගෙන් ඉල්ලා සිටිනවා.

මිට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරයාටද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු විය.