Wednesday, May 15, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්වරයාටත් කොරෝනා වෛරසය




බ්‍රිතානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සැලකෙන සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්‌ හට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සිය ටිව්ටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තමන්ට සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරිම නිසා වෛද්‍ය උපදෙස් මත කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී තමන්ට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.

තමන් මේ වන විට නිවසට වී ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවත් රාජකාරි කටයුතුද සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ප්‍රකාශ කිරිමට පැය කිහිපයකට පෙර එරට අගමැති බොරිස් ජෝන්සන්ද තමන්ට වෛරසය වැලදී ඇති බව තහවුරු කර සිටියා.