Tuesday, May 14, 2024

General line - 0115112241

ලෝ වැසියන් වෙනුවෙන් පාප්වහන්සේ තනිව දේවමෙහෙයක




ලොව පුරා පැතිර පවතින නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝ වැසියන් වෙනුවෙන් ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප්වහන්සේ විශේෂ දේවමෙහෙයක නිරත වුණා. ඒ, වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයේදීයි.

ජන ශූනය කලාපයක් බවට පත්ව ඇති සාන්ත පීතර චතුරස‍්‍රය පිහිටි ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව ද නොතකා ශුද්ධෝත්තම පාප්තුමන් තනිව යාඥාවේ යෙදුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උන්වහන්සේ මෙලෙස ලෝ වැසියන් වෙනුවෙන් යාඥාවේ නිරත වුණේ ඉතාලියෙන් දිනක් තුළ කොරෝනා මරණ 919 ක් වාර්තා වූ පසුබිමක් තුළයි. එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 9,134 ක්.