Tuesday, May 14, 2024

General line - 0115112241

ඊශ්‍රායෙල් සෞඛ්‍ය ඇමතිට කොරෝනා : අගමැති ස්වයං නිරෝධායනයට




ඊශ්‍රායෙල් අගමැති බෙජමින් නෙතන්නියාහු සතියක කාලයක් සඳහා ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමු වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අගමැතිවරයා ලබන බදාදා දක්වා ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත වන බවයි ඊශ්‍රායෙල් අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඊශ්‍රායෙල් අගමැතිවරයා මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කලේ සෞඛ්‍ය ඇමති යාකොව් ලිට්ස්මාන් සහ ඔහුගේ බිරිඳට කොරෝනා
වැළඳී ඇති බවට අනාවරණය වීමත් සමගයි.

පසුගිය කාල සීමාවේදී කොරෝනා වෛරසය සම්බන්ධයන් පැවති සාකච්ජාවලදී අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ඊශ්‍රායාලෙයේ උසස් රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියා.