Tuesday, May 14, 2024

General line - 0115112241

ස්පාඤ්ඤය හඬා වැටෙයි : පැය 24ක් තුල ජිවිත 950ක් අහිමිවෙයි




නව කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුලදී පුද්ගලයින් 950 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් එරට තුල දිනකදී මියගිය වැඩිම සංඛ්‍යාව මෙය වනවා. මේ වන විට කොරෝනා වෛරසයෙන් ස්පාඤ්ඤයේ පුද්ගලයින් 10,003 දෙනෙක් ගේ දිවි අහිමිව ගොස් ඇත.

කොරෝනා වෛරසයෙන් පුද්ගල ජිවිත 10,000 කට වැඩි ප්‍රමාණයක් අහිමි වූ දෙවන රට වන්නේද ස්‌පාඤ්ඤයයි.