Tuesday, May 14, 2024

General line - 0115112241

ලොවපුරා ජිවිත පනස් දහසක් කොරෝනා වෛරසය බිළි ගනියි




නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වූ පුද්ගයින් සංඛ්‍යාව පනස්දහස ඉක්මවා තිබෙනවා. නවතම දත්ත වාර්තා අනුව කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 50,230 ක් වන අතර වාර්ටා වන ආසාධිතයින් ප්‍රමාණය 981,221ක්.

කොරෝනා වෛරසයෙන් වැඩිම පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති රට වන්නේ ඉතාලියයි. එහි පුද්ගලයින් 13,915ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 115,242ක්.

මිට අමතර ස්පාඤ්ඤයේ පුද්ගලයින් 10,003 දෙනෙක් ද, අමෙරිකාවේ පුද්ගලයින් 5,300 කට අධික පිරිසක් ද සහ ප්‍රංශයේ පුද්ගලයින් 4,032 ක් ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 225,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.