Thursday, May 9, 2024

General line - 0115112241

හිටපු ජනපති ලේකම්ට වන්දනාවේ යන්න ලැබෙයි




ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් මගින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ලබන අගෝස්තු මස 30 වෙනිදා සිට සැප්තැම්බර් මස 15 වෙනිදා දක්වා ඉන්දියාවේ වන්දනා චාරිකාවක් සඳහා යාමට කොළඹ මහාධිකරණය අද (03) අවසර ලබාදුන්නා.

ඒ අනුව ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය රුපියල් මිලියන 10 ක බැඳුම්කරයක් මත මුදාහරින බවයි මහාධිකරණය කියා සිටියේ.

මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද තුන්වන දිනටත් සිදුකෙරුණා. අදාළ සිල් රෙදිවල සැපයුම්කරුවා බව පැවසෙන අන්වර් ෆෙරෝස් නමැත්තෙකු එහිදී සාක්ෂි ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.