Friday, May 17, 2024

General line - 0115112241

ලෝකඩවුන් කිරිමට නොහැකිවූ අපුරු මව් සෙනෙහස




කොරෝනා වෛරසය පාලනය කිරීමට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයක සිරවී සිටින සිය 19 හැවිරිදි පුත්‍රයාව නිවසට රැගෙන ඒමට මවක් සිදුකළ කැප කිරිමක් ගැන එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දකුණු ඉන්දියාවේ Telangana ප්‍රාන්තයේ පදිංචි මෙම 48 හැවිරිදි රාසීයා බෙගම් නම් මෙම මවගේ 19 හැවිරිදි පුත්‍රයා විභාගයක් සඳහා පෙනී සිටීමට ආන්ද්‍රා ප්‍රාන්තය බලා ගොස් තිබුනේ ඔහුගේ මිතුරෙක්ද සමගයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදී දින 21ක කාලයක් සඳහා ඉකුත් මාර්තු 25 වෙනිදා සිට මුළු ඉන්දියාවම සම්පුර්ණයෙන් වසා දැමීමට නියෝග කලේ බෙගම් ගේ පුත්‍රයා ඇයගෙන් කිලෝමීටර් 1,448 කදුරින් සිටියදීය.

" ඔහුව නැවත නිවසට ඒමට අවශ්‍යව තිබුනත් එසේ ඒමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ වන විට මාර්ගයේ ධාවනය කිරිමට අවසර තිබුනේ යතුරුපැදි වලට පමණයි.

මම පොලිසියේ කොමසාරිස්වරයාට මගේ අවශ්‍යතාවය දැනුම් දී ඔවුන් ගෙන් අවසර ලබා ගත්තා.

මගේ ස්කූටරයෙන් පුතාව යලි නිවසට රැගෙන එන්න පිටත් වුනේ ඉකුත් සඳුදායි. හරියටම දින දෙකක් ගියා ඔහුව නිවසට රැගෙන එන්න. පසුගිය බදාදා මම පුතාව නිවසට රැගෙන ආවා.

මට මගේ පුතාව එහෙ අත්හැරලා තියන්න හිත හදා ගන්න බැරි උනා. මේ තත්ත්වය තව කොපමණ කාලයක් තියෙද්විද කියා කියන්න අපි කවුරුත් දන්නේ නැහැ
". රාසියා බේගම් කියා සිටියා.

තිදරු මවක්‌ වන බේගම් ගේ ස්වාමිපුරුෂයා මීට වසර 15 කට පෙර මියගොස් ඇත. ඇය සැබවින්ම දිරිමත් මවක් සහ කාන්තාවක් බවයි ලොවපුරා මාධ්‍ය ඇයව හඳුන්වනු ලබන්නේ.