Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනා සුවවූ දකුණු කොරියාවේ 179කට යලි කොරෝනා වැළදේ




කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ දකුණු කොරියාවේ පුද්ගලයින් 179 දෙනෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝගය සුව වූ පුද්ගලයින් 8,042 දෙනෙකු යළි පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම පිරිස හදුනාගෙන ඇති බවයි. එහි විශේෂත්වය වන්නේ එම පිරිසෙන් සියයට 22.9% ක්ම වයස අවුරුදු 20 දක්වා වූ කාණ්ඩයේ පිරිසවීමයි. 

අවුරුදු 20ත් 50 ත් පුද්ගලයින්ගෙන් සියයට 17 යි දශම 9 කටද යළි කොරෝනා වෛරසය වැලදී තිබෙනවා. 

මේ අතර තායිවානයේ නාවික හමුදා සාමාජිකයින් 700 දෙනෙකු කොරෝනා පරීක්‍ෂාවකට ලක්කර තිබෙනවා. ඒ, නාවික කදවුරකින් කොරෝනා රෝගය වැළදුනු හමුදා සාමාජිකයින් 24 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.