Friday, May 17, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 24 ලක්ෂය ඉක්මවා යයි




බි‍්‍රතාන්‍යයේ කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා, කොරෝනා ආසාදනය වී සුව වූවන්ගේ රුධිරය ලබා දීමේ වැඩපිළිවෙලක් එරට රජය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ, රෝගය සුව වූවන්ගේ ශරීර තුළ ගොඩ නැගී ඇති ප‍්‍රතිදේහ, ආසාදිතයින්ගේ ශරීර තුළ ඇති වෛරසය මැඩලීමටම සමත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන්.

වේල්සයේ විශ්ව විද්‍යාලය දැනමටත් එහි අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, අනෙක් රටවලට සාපේක්ෂව බි‍්‍රතාන්‍යයේ කොරෝනා මර්දන කි‍්‍රයාවලිය සිදු වන්නේ ඉතා මන්දගාමීව බවට ඇතැම් පර්යේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පහළොස්දහසක ද දැනටමත් ජාතික රුධිර ප්ලාස්මා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි. එහි සාර්ථකත්වය කොපමණ දැයි තක්සේරු කිරීමේ කටයුතු තවදුරටත් විද්‍යාඥයින් විසින් සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත්, කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එන්නතක් හඳුන්වා දෙන තුරු මෙම කි‍්‍රයාවලිය යම් තරමක හෝ පිටිවහලක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. 

මේ අතර, මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර ලක්ෂ 7,282 ක්. ලොව පුරා කොරෝනා මරණ එක්ලක්ෂ 65,049 ක් ද වාර්තා වනවා. 

මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ 64,303 ක්. එරටින් කොරෝනා මරණ 40,548 ක් ද වාර්තා වනවා.