Friday, May 17, 2024

General line - 0115112241

අඩක් "ලොක්ඩවුන්" ඉවත් කළ ඉන්දියාවෙන් ගතවූ පැය 24ක් තුල කොරෝනා රෝගීන් 1500ක් හමුවේ




ගතවු පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 1,553 දෙනෙක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා.

එක් දිනයක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ වන විට එරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 543ක් වන අතර ආසාධිතයින් ගණන 17,265ක් වේ.

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා ඉන්දීය රජය විසින් ඉකුත් මාර්තු 24 වෙනිදා සිට සියලු ගමන් බිමන් තහනම් කරමින් දැඩි නීති පනවා තිබුණා.

නමුත් රටේ නිෂ්පාදනය සහ ආරථිකය යථාවත් කිරිම සඳහා කෘෂි කර්මාන්තය සහ කර්මාන්තශාලා අද සිට විවෘත කිරිමට එරට රජය අවසර ලබාදී ඇති අවස්ථාවේදී මෙලෙස වැඩි කොරෝනා ආසාධිතයින් පිරිසක් වාර්තා වීම ගැන එරට මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

සේවකයින්ට තමන් සේවය කරන කර්මාන්තශාලා වෙත යාමට අවසර හිමිවුවත් ඔවුන්ට වෙනත් ප්‍රාන්තයෙන් වෙත යාමට අවසර හිමිවන්නේ නැහැ. එම නිතිය එරට රැඳී සිටින විදේශිය සේවකයින්ටද ක්‍රියාත්මකයි.