Friday, May 17, 2024

General line - 0115112241

ජපානයේත් කොරෝනා පැතිරීම වේගවත් වෙයි




ජපානයේද කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වෙමින් තිබෙනවා. ටොකියෝහි වෛද්‍යවරුන් පවසන්නේ සති දෙකක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබුණද නව කොරෝනා ව්‍යාප්තියේ අඩු වීමක් සිදුව නොමැති බවයි.

රෝහල්වල  ඉඩකඩ ද ප‍්‍රමාණවත් නොවන තරමට නව ආසාධිතයන් පැමිනෙමින් සිටින බවද වෛද්‍යවරුන් පවසනවා. 

ජපානයෙන් මේ දක්වා හදුනාගෙන ඇති මුලූ නව කොරෝනා ආසාධියන් සංඛ්‍යාව 12,368 දෙනෙක්. ටොකියෝ නුවරින් පමණක් ආසාධිතයන් 3,500කට වැඩි පිරිසක් හදුනාගෙන තිබෙනවා.

මේ අතර කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෙනුවෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක්  විසින් අත්හදා බැලෙන එන්නතක් පළමුවරට ඊයේ (23) මිනිසුන් සඳහා එන්නත් කෙරුණු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනෙකුටයි මෙලෙස එන්නත ලබා දී ඇත්තේ.  නව කොරෝනා වෙනුවෙන් යූරෝපා කලාපයේදී අත්හදා බැලෙන එන්නතක් මිනිසුන් සඳහා එන්නත් කෙරුණු පළමු අවස්ථාවද මෙය වනවා.