Friday, May 17, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි




නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. නවතම සංඛ්‍යා ලේඛණ අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 50,243ක්. වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 886,709ක් වේ.

වියට්නාමයේදී පැවති යුද්ධයේදී අමෙරිකාවේ සෙබළුන් 58,000 ක් ජිවිතක්ෂයට පත්වූ අතර මෙම කොරෝනා වෛරසයෙන් එම අගයද ඉක්මවා යනු ඇති බවයි විශේෂඥයින් මත පළ කර සිටින්නේ.

මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 191,074ක් වන අතර සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා තිබෙනවා.

මේ වන විට ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,549ක්, ස්පාඤ්ඤයේ 22,157ක්, ප්‍රංශයේ 21,856 ක් සහ බ්‍රිතාන්‍ය මරණ 18,738ක් සිදුව ඇත.