Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා හේතුවෙන් ලොක් ඩවුන් කළ දකුණු අප්‍රිකාවත් යළි විවෘත කරයි




රට වසා දමමින් පනවා ඇති සීමා ලබන මස 01වනදා සිට ලිහිල් කිරීමට දකුණු අපි‍්‍රකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇතැම් ව්‍යාපර සහ පාසල් යලි විවෘත කිරීමට කටයුතු කෙරෙණු ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. 

දකුණු අපි‍්‍රකාවෙන් මේ වන විට හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන 3,953ක්. නව කොරෝනා මරණ 75ක්ද එරට සිදුව තිබෙනවා. 

මේ අතර ඉකුත් මස 16වනදා සිට වසා දමා තිබූ සිය දේශසීමා යලි විවෘත කිරීමට චෙක් ජනරජය තීරණය කර තිබෙනවා. යූරෝපා රටවල් සමහරක්ද පනවා තිබෙන සීමා තවදුරටත් ලිහිල් කිරීමට සූදානම්වන බවයි බී බී සී ලෝක සේවය කරන්නේ.

ලොව පුරා මේ වන විට හදුනා ගෙන ඇති මුලූ නව කොරෝනා ආසාධිතයන් ගණන විසි හත් ලක්ෂ 60,442ක්. නව කොරෝනා මරණ එක්ලක්ෂ 93,148ක්ද ලොව පුරා සිදුව තිබෙනවා.