Friday, May 17, 2024

General line - 0115112241

නව කොරෝනා අස්සේ අමෙරිකානුවන්ට තවත්  පීඩනයක්




අමෙරිකාවේ නිවාස ගණනාවකට ජල සැපයුම විසන්ධි කර තිබෙනවා. ඒ බිල්පත් නියමිත පරිදි නොගෙවූ බව පවසමින්. ජල සැපයුම මෙලෙස විසන්ධි කිරීම නිසා නව කොරෝනා වෛරසයෙන් පීඩිත අමෙරිකානුවන් ජලය නොමැතිවද පිඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා පවසනවා.

ඇතැම් අමෙරිකානු දරුවන්ට තණපත් අග වැටී ඇති පිණි බිංදු එකතු කර පානය කිරීමටද සිදුව ඇති බවයි සාමාජ මාධ්‍යයේ හුවමාරුවන ඡුායාරූපවල දැක්වෙන්නේ.

බිලපත් නොගෙවීම නිසා ජල සැපයුම් විසන්ධි කිරීම ශී‍්‍ර ලංකාවේ මෙන්ම යුරෝපා රටවල් ගණනාවකද මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ නව කොරෝනා ව්‍යසනය සැලකිල්ලට ගණිමින්.