Friday, May 17, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා රෝගීන් 29 ලක්ෂය ඉක්මවා යයි




ලොවපුරා රටවල් සහ කලාප 210 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 29 ලක්‍ෂ 15,600 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ගතවූ පැය 24 තුළ අලූතින් රෝගීන් 86,774 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ලොවපුරා රටවල් රැසකින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද දෙලක්‍ෂ 3,042 ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව මරණ 5,943 ක් වාර්තාවීම හේතුවෙන්.

තවදුරටත් වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වනවා. එම සංඛ්‍යාව 09 ලක්‍ෂ 57,505 ක්. ගත වූ පැය 24  තුළ පමණක් අමෙරිකාවෙන් කොරෝනා රෝගීන් 32,273 දෙනෙකු වාර්තා වුණා.

අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 54,160 ක්. ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,967 ක් වනවා. 

යුරෝපා කලාපයේ ගත වූ පැය 24 දී වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ බි‍්‍රතාන්‍යයෙන්. එම සංඛ්‍යාව 4,913 ක්. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ කොරෝනා රෝගීන් ගණන එක් ලක්‍ෂ 48,377 ක් දක්වා ඉහළ ගියා. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියේ ගත වූ පැය 24 තුළ නව මරණ 813 ක් සමගයි. ඒ අනුව බි‍්‍රතාන්‍යය, කොරෝනා මරණ 20,000 සීමාව ඉක්මවා ගිය 5 වන රට වනවා.

සෙසු රටවල් වන්නේ අමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප‍්‍රංශයයි.

අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 26,283 දෙනෙකු වාර්තා වන්නේ නව රෝගීන් 1,836 දෙනෙකුද සමගයි.

ඉන්දියාවෙන් කොරෝනා මරණ 825 ක් වාර්තා වනවා. ඒ, ගත වූ පැය විසි හතරේ නව කොරෝනා මරණ 45 ක් වාර්තාවීම හේතුවෙන්.