Friday, May 17, 2024

General line - 0115112241

සුවය ලැබූ අයට යළිත් වෛරසය ආසාදනය වෙයිද? - ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් පිළිතුර




කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ට යළිත් වරක් වෛරසය ආසාදනය නොවීම පිළිබද සහතිකයක් ලබාදිය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔවුන් පවසන්නේ සුවය ලැබූ පුද්ගලයින්ට සේවය කළ හැකි බවට සහතික නිකුත් කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටින බවයි. එවැනි තත්ත්වයක් තුළින් වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට යළි එම වෛරසය ආසාදනය නොවන බවට කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක් මෙතෙක් වාර්තා නොවන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර රට සම්පූර්ණයෙන්ම වසා දමා තිබියදීත් ඇතැම් සුළු පරිමාණ වෙළඳසැල් නැවත විවෘත කිරීමට අවසර ලබාදෙන බව ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද (26) ප‍්‍රකාශ කළා. මාර්තු මස අග භාගයේ සිට මේ දක්වා විවෘත කිරීමට අවසර ලබාදී තිබුණේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල් සදහා පමණයි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමේ තීරණය මැයි 3 දක්වා ක‍්‍රියාත්මක වනවා.

එහෙත් ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින උත්තර් ප‍්‍රදේශ් බලධාරීන් ජුනි 30 දක්වා රැස්වීම් තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. මැයි 03 වනදායින් පසුවත් රැස්වීම් තහනම් කළ පළමු ප‍්‍රාන්තය මෙයයි.