Friday, May 17, 2024

General line - 0115112241

ඉතාලිය දැඩි සීමා ලිහිල් කිරීමට තීරණය කරයි




කොරෝනා වෛරසයේ සීග‍්‍ර ව්‍යාප්තියත් සමග පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. ඒ, සති 7 ක කාලයකට පසුවයි.

මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ මාර්තු මස 14 වැනිදා සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තාවීමේ තත්ත්වය හේතුවෙන්.

ඉතාලි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ මැයි 4 වැනිදා සිට දැනට පවතින දැඩි සීමා ලිහිල් කරන බවයි. ඒ අනුව සීමිත පුද්ගලයින්ට සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් සිය ඥාතීන් බැලීමට අවසර ලබාදීමට තීරණය කර ඇතැයි සඳහන්. ඉතාලිය මෙම අවසරය ලබාදෙන විටද ගතවූ පැය විසිහතරේ කොරෝනා රෝගීන් 2,324 දෙනෙකු අලූතින් හදුනාගෙන තිබුණා.

ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන රෝගීන් ගණන එක් ලක්‍ෂ 97,675 ක්. නව මරණ 260 ක් සමග ඉතාලියෙන් කොරෝනා මරණ 26,644 ක් වාර්තා වනවා.

මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමත් සමග රටවල් රැසක් පැනවූ දැඩි නීති මේ වනවිට ක‍්‍රමයෙන් ලිහිල් කර තිබෙනවා.

සෞදි අරාබිය, ඉන්දියාව, ඊශ‍්‍රායලය සහ ස්පාඤ්ඤය ද ඒ අතරට අයත්. ලොවපුරා රටවල් රැසකින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 29 ලක්‍ෂ 92,639 දෙනෙකු වාර්තා වනවා. සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 6,883 ක්. තවදුරටත් වැඩිම රෝගීන් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වනවා.