Friday, May 17, 2024

General line - 0115112241

විවෘත කළ සමාජ ශාලා සහ සුරාසැල් දකුණු කොරියාව යළි වසා දමයි




කොරෝනා අවදානමෙන් පසු විවෘත කෙරුණු දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි සියළු සමාජ ශාලා සහ සුරාසැල් යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, සමාජ ශාලාවලට ඇතුළු වූ පුද්ගලයින්ට කොරෝනා රෝගය වැළදීමත් සමගයි. ඉකුත් මැයි පළමු වනදායි පසුව මේ දක්වා සමාජ ශාලා වෙත ගිය පුද්ගලයින් 40 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කළ බව දකුණු ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තය අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. ඒ, කේරළ ප‍්‍රාන්තයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින සියයකට පසුවයි. කොරෝනා රෝගියෙකු ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වුණේ මිලියන 34. 8 ක ජනගහණයකින් යුත් කේරළ ප‍්‍රාන්තයෙන්. අදාළ කාලය තුළ ප‍්‍රාන්තයෙන් රෝගීන් 503 දෙනෙකු වාර්තා වුවත් ඉන් 484 දෙනෙකුම සුවය ලබා තිබෙනවා. සමස්තයක් ලෙස අද වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 59,765 ක්. මරණ 1,986 ක් වාර්තා වනවා. පකිස්තානයෙන්ද ගත වූ පැය 24 තුළ කොරෝනා රෝගීන් 1,039 දෙනෙකු වාර්තා වුණා.

මේ අතර ලොවපුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 40 ලක්‍ෂ 30,053ක් දක්වා අද ඉහළ ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 76,498 ක්. රුසියාවෙන් සහ බ‍්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් සීග‍්‍රයෙන් වාර්තාවීම අද දිනයේ වාර්තා වූ කැපී පෙනෙන සිද්ධියයි.