Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රතිවෛරස තුනක එකතුවෙන් කොරෝනා මඩින ප්‍රතිකාරයක් සොයා ගන්න විද්‍යාඥයින් සමත්වෙයි 




කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන්ට ඉක්මන් සුවය ලබා ගැනීමට උපකාර වන ඖෂධ සංයෝගයක්‌ හඳුනා ගැනීමට හොංකොං හි වෛද්‍යවරයෙක් සමත්ව තිබෙනවා.

ප්‍රතිවෛරස ඖෂධ වර්ග කිහිපයක් සංයෝග කිරිම මගින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කිරිමෙන් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගින්ට සුවය ලබා ගත හැකි බවයි හොංකොං සරසවියේ වෛද්‍ය Kwok-Yung Yuen සඳහන් කලේ.

HIV ආසාධනය වූ රෝගීන් සඳහා ලබා දෙන ritonavir සහ lopinavir යන ප්‍රතිවෛරස් ඖෂධයන් සහ සාමාන්‍ය ප්‍රතිවෛරස් ඖෂධයක් වන ribavirin සහ බහු ස්ක්ලේරෝසිස් ඖෂධයක් වන beta interferon යන ඖෂධ සංයෝග කරමින් ඔහු සිය කණ්ඩායම සමග එක්ව මෙම පර්යේෂණය සිදුකොට ඇත.

කොරෝනා ආසාධනය වූ ඇතැම් රෝගීන්ට මෙම වෛද්‍ය කණ්ඩායම HIV ආසාධිතයින්ට පමණක් ලබා දෙන ප්‍රතිවෛරස ඖෂධ පමණක් ලබාදීම සිදුකර ඇත. 

අනෙක් රෝගින්ටද අහඹු ලෙස ritonavir සහ lopinavir යන ප්‍රතිවෛරස් ඖෂධ සහ ribavirin සහ beta interferon  යන ඖෂධයන් සංයෝගයෙන් සෑදු ඖෂධය ලබාදීමට පියවර ගෙන ඇත.

HIV ආසාධිතයින්ට පමණක් ලබාදුන් ඖෂධය ලබාදුන් රෝගීන්ට කොරෝනා වෛරසය ශරිර ගතවී තිබෙන කාලය සාමාන්‍යයෙන් දින 12ක් ලෙසත් ප්‍රතිවෛරස් ඖෂධ සංයෝගයක් ලබාදුන් රෝගීන්ගේ සිරුරේ වෛරසය පැවති කාල සීමාව සාමාන්‍යයෙන් දින 07ක් බවට මෙහිදී පර්යේෂණ කණ්ඩායම නිරික්ෂණය කර ඇත.

මෙම ඖෂධ සංයෝගය මගින් කොරෝනා වෛරසය පාලනය කිරිමට හැකිද යන්න තවදුරටත් පර්යේෂණ සිදුකිරිමට කටයුතු කරන බවයි හොංකොං සරසවියේ වෛද්‍ය Kwok-Yung Yuen උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.