Thursday, May 16, 2024

General line - 0115112241

ඔය වගේ ප්‍රශ්න අහන ඕනම කෙනෙක්ට මම පිළිතුරු දෙන්නේ මෙහෙමයි : ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමග ගැටේ (VIDEO)




චීන සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක් සමග ඇතිකර ගත් උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අතරමග නතර කිරිමට අමෙරිකානු ජනාධිපති චොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනු ලැබුවා.

Weijia Jiang නම් මෙම මාධ්‍යවේදිනිය චීනයේ ඉපදී ඇත. ඇය කුඩා කාලයේදීම අමෙරිකාවට සංක්‍රමණය වී තිබෙනවා.

"අමෙරිකාවේ පමණක් පුද්ගලයින් 80,000ක් ජිවිතක්ෂයට පත්ව තිබියදී කොරෝනා වෛරසය ගැන සිදුකරන පරීක්ෂණයන් ගෝලීය තරගයක් ලෙස ජනාධිපති ට්‍රම්ප් දකින්නේ ඇයි" යනුවෙන් CBS ප්‍රවෘත්ති නාලිකාවේ මාධ්‍යවේදිනිය වන Weijia Jiang විමසා සිටියා.

අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ " ඒ සම්බන්ධයෙන් ඔබ නොවේ ඇසිය යුත්තේ මගෙන් නොව චීනයෙන්" බවයි.

මෙහිදී මාධ්‍යවේදිනීය යලිත් ජනාධිපතිවරයා ගෙන් විමසා සිටියේ "ඇයි ඔබ ඒ ගැන මට විශේෂයෙන්ම කියන්නේ".

ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ " කිසිවෙකු විශේෂ කලේ නැහැ. මෙවැනි ප්‍රශ්න අසන ඕනෑම අයෙකුට තමන් එලෙස පිළිතුරු ලබා දෙන බව” ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්නයක් ඇසීමට CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදිනියක් උත්සහ දැරුවත් ඔහු මාධ්‍ය සාකච්ජාව අවසන් කරනු ලැබුවා.

කෙසේ වුවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

එම සිදුවීම රැගත් වීඩියෝව පහතින් :