Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 891ක් දක්වා ඉහලට




කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 891ක් වන අතර ඉන් රෝහල් ගතවප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 500ක්.

කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් 16 දෙනෙක් අද දිනය වන විට සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් ගණන 382 ක්.

ඉකුත් අප්‍රේල් මස 22 වෙනිදා සිට අද දින පෙරවරු 10.00 වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 581 ක්වන අතර ඉන් 488 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

අද පෙරවරුව වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 105ක් වනවා.