Friday, May 17, 2024

General line - 0115112241

ශාන්තිනි ස්කන්ධරාජා විසින් ඥාණසාර හිිමිට එරෙහිව දැමූ නඩුවක් සැප්තැම්බරයට කල් දැමේ




අධිකරණ නියෝගයකට පටහැනිව ක‍්‍රියා කරමින් අධිකරණයට අපහාස කළේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තුන්දෙනෙකුට පවරා ඇති නඩුව සැප්තැම්බර් 16 දා සලකා බැලීමට අභියාචනාධිකරණයේ අද දින නියම කළා. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අමතරව මෙහි සෙසු වගඋත්තරකරුවන් වන්නේ මුලතිව් ප‍්‍රදේශයට අනුයුක්ත පොලිස් නිළධාරීන් දෙදෙනෙක්. 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්තිනි ශ‍්‍රී ස්කන්ධරාජා විසින් නඩුව ගොනු කර තිබෙනවා. 

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් අධිකරණ නියෝගයක් පැවති බවද වගඋත්තරකරුවන් ඊට පටහැනිව කි‍්‍රයා කල බවද නඩුවට අදාල පැමිණිල්ලේ සදහන්.