Friday, May 17, 2024

General line - 0115112241

ලන්ඩන් සහ මාලදිවයින වෙත ශ්‍රී ලන්කන් ගුවන් යානා යයි

ටී කේ ජී කපිල




මගීන් 162 දෙනෙකු රැගත් ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (13) රාත‍්‍රියේ 11.45 ට පමණ ලන්ඩන් නුවර හීතෲ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට රැඳී සිටි විදේශිකයන් සහ බි‍්‍රතාන්‍යයට ඇතුළු වීම සඳහා අවසර හිමි වූ ශී‍්‍ර ලාංකික ගුවන් මගීන් පිරිසක් එලෙස ලන්ඩනය බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාලදිවයිනේ සිට ඊයේ (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මගීන් 63 දෙනෙකු ද එම ගුවන් යානයෙන් ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය ද සීමිත ගුවන් මෙහෙයුම් කිිහිපයක් ඊයේ සිට ආරම්භ කළා. ඒ අනුව මාලදිවයින තුළ සිරවී සිටි විදේශිකයින් 108 දෙනෙකු ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබූ අතර ඒ අතර සිටි පාකිස්ථාන ජාතිකයන් 45 දෙනෙකු ද ඊයේ පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් ලාහෝර් ගුවන් තොටුපළ වෙත රැගෙන ගොස් තිබෙනවා. 

මේ අතර කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින  ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියා.