Friday, May 17, 2024

General line - 0115112241

මාලදිවයිනේ සිට මගින් 304ක් ලංකාවට : ජපන් ජාතිකයින් 16ක් ඒ අතර 

ටී.කේ.ජී.කපිල




කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-102 දරන ගුවන් යානය අද දහවල් 12.25 ට මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කලේ.

මෙම ගුවන් මගීන් අතුරින් 288 දෙනෙක් ශ්‍රී ලාංකික ගුවන් මගීන් වන අතර ඔවුන් මෙම වසංගත රෝග තත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි පිරිසක් වනවා.

ඉතිරි 16 දෙනා ජපන් ජාතිකයන් වන අතර ඔවුන් ද මෙම වසංගත රෝග තත්ත්වය නිසා මාලදිවයින තුළ කොටු වී සිටි අතර ඔවුන් අද සවස ජපානයේ නරීටා බලා යන ගුවන් යානයෙන් පිටත් කර හැරීමට නියමිතයි.

මෙසේ පැමිණි ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමට ලක් කළ අතර ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක්ද කෙරුණා.

මෙලෙස දිවයිනට රැගෙන ආ ලාංකිකයින් 288 දෙනා යුධ හමුදා නිලධාරීන් විසින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.