Monday, May 13, 2024

General line - 0115112241

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් 




ජුනි මස 20 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා අද පියවර ගනු ලැබුවා. 

ඒ අනුව මෙම මස 18 වෙනිදා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය (සභාපති), විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ සහ 
ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ය.