Saturday, May 11, 2024

General line - 0115112241

දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයි




ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය නිසා එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.