Sunday, May 12, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 32 දෙනෙකු රෝහල්වලින් පිටව යයි




කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 477 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 439 දෙනෙකු පමණයි.