Sunday, May 12, 2024

General line - 0115112241

රවී කරුණානායක ගොනු කළ රිට් පෙත්සම විභාගයට දින දෙයි 

අධිකරණ වාර්තාකරු




මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ජූනි මස 19 විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කරන ලදී. 

අභියාචනාධිකරණයේ සභාපති  විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාෂ්, විනිසුරු ශිරාන් ගුණරත්න  සහ විනිසුරු  සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැදවන ලදී. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ වාචික දේශන මීලඟ දින සලකා බැලීමට නියමිතය. 

රවි කරුණානායකට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස්, එස්.පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණි. 

සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් මෙම රිට් පෙත්සම් සලකා බලන තුරු නොගන්නා ලෙසට අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත මීට පෙර නියෝග කරන ලදී.  

2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාර්තු මස 6 දා වරෙන්තු නිකුත් කරන ලදී. 

රවි කරුණානායක සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා .