Sunday, May 12, 2024

General line - 0115112241

වැලිසරදී ඇල්ලූ හෙරොයින් ජාවාරම බන්ධනාගාරයේ සිට මෙහෙයවූ හැටි හෙළි කර ගැනේ




වැලිසර, මහබාගේ ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 225 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් එම ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප‍්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මේ බව කියා සිටියා.

අත්‍යාවශ්‍ය සේවා මුවාවෙන් මෙම හෙරොයින් තොගය රට පුරා බෙදා  හැරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බවයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ.