Saturday, May 11, 2024

General line - 0115112241

වායුගෝලයේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වෙයි - අද රාති‍්‍රයේ දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි




ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුළ එම ප‍්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාති‍්‍රයේ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප‍්‍රජාවට අවවාද කෙරුණා. ඒ පිළිබඳ කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.