Friday, May 17, 2024

General line - 0115112241

අයහපත් කාලගුණය නිසා පවුල් 44,000 කට විදුලිය නැහැ 




ඊයේ (15) පස්වරුවේ සිට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා  විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානි හේතුවෙන් මේ වනවිට පවුල් 44000කට විදුලිය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ. 

දැනට ලැබී ඇති තොරතුරු අනුව බණ්ඩාරවෙල පවුල් 5600ක් , රත්නපුර පවුල් 3000ක් , මාතර- හක්මණ  පවුල් 5800ක් , ගම්පහ පවුල් 13000ක්  , නුවර එළිය පවුල් 780කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12000ක්, ත්‍රිකුණාමලය පවුල් 4200කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 44000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

නුවරඑළිය පවුල් 780ට විදුලිය සැපයීම හෙට දින දක්වා කල් යනු ඇත. එයට හේතුව මෙගවොට් 33000ක අධි විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියකට හානි වී ඇති බැවින් එම කටයුතු ප්‍රතිසංස්කරණය කිරිමට වැඩි කාලයක් ගත වන නිසාය. එහෙත් දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය සැපයිම පැය විසිහතරක් තුල ලබා දි ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අද දින (16) පෙරවරුවේ උපදෙස් ලබාදී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිටත් අදාල ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් මේ වනවිටත් ආරම්භ කර තිබේ.