Wednesday, May 15, 2024

General line - 0115112241

මහා භාණ්ඩාගාරයේ නිළධාරීන් මැයි මස වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි




මුදල් අමාත්‍යංශය ප‍්‍රමුඛ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සිය මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු, අනත්දරු අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමග රජයේ විදේශ ආදායම් මාර්ග මෙන්ම දේශීය ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණය හේතුවෙන් ආර්ථික පීඩනය කළමනාකරණය කර ගැනීම සඳහා වැටුපෙන් කොටසක් හෝ පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් ඉකුත් දා ඉල්ලීමක් කර තිබුණා. 

එම ඉල්ලීමට ගරු කරමින් මුදල් අමාත්‍යංශය ප‍්‍රමුඛ මහා භාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය මෙලෙස සිය මැයි මස වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ. 

ඒ අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ මැයි මස වැටුපෙන් සියයට 50 ක්ද, තවත් බහුතර නිලධාරීන් පිරිසක් එම වැටුපෙන් සියයට 25 ක් සහ සියයට 10 බැගින් ද, අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් සිය ස්වකීය කැමැත්ත මත දිනක වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.