Wednesday, May 15, 2024

General line - 0115112241

"දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යයි" - මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව




කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සේවා සැපයීම අත්හිටවූ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කිරීම්වලට යටත්ව අද (20) සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ, සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සීමිත කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුවයි.

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් කි‍්‍රයාත්මක නොවන බැවින් සිය දෙපාර්තමේන්තුව අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යය බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්‍ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවා මෙලෙස යළි ආරම්භ වනු ඇති.

පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා එම කටයුතු සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේවෙතත් මීට පෙර කි‍්‍රයාත්මක කළ එක්දින සේවාවන් නැවත දැනුම් දෙන තුරු කි‍්‍රයාත්මක නොවන බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් වැඩිදුරටත් කියාසිටියා.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගත හැකි දුරකථන අංක පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.