Wednesday, May 15, 2024

General line - 0115112241

විදෙස් ගත ලාංකිකයිනුත් රණවිරු සැමරුම සිදු කරයි




11 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් සැමරුමක් ඊයේ (19) සංවිධාන කෙරුණා.

මේ සම්බන්ධයෙන් විද්වත් කථිකාවක්ද වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එකම රටක් එකම දැයක් රණවිරු සැමරුම 2020 යන නමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ ප‍්‍රචාරය වුණා.

ඒ සදහා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රියර් අද්මිරාල් සරත් වීරසේකර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති මල්රාජ් ද සිල්වා සහ කැන්ඩි සිටි සෙන්ටර්හි සභාපති තුසිත විජේසේන ද එක් වුණා.