Wednesday, May 15, 2024

General line - 0115112241

මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි - මැතිවරණ කොමිසමේ සභාපති අධිකරණයට දන්වයි

අධිකරණ වාර්තාකරු




දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියා.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවෙන බව නීතිඥ සාලිය පීරිස් පවසා සිටියා . 

ඒ අනුව කොරෝනා වසන්ගත තත්ත්වයක් යටතේ ඇති සෞඛ්‍ය අවදානමක් හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උපදේශන මාලාවක් සෞඛ්‍ය අංශ සමග එක් වී මේ වන විට සකස්කරමින් සිටින බව නීතිඥවරයා පවසා සිටියා .