Wednesday, May 15, 2024

General line - 0115112241

කුවේට් සිට පැමිණි අයෙක්ටත් කොරෝනා 




මෙරට කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1028ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (20) දිනයේදී වෛරසය ආසාදිත එක් රෝගියෙක් පමණක් වාර්තාවී ඇති බවයි.

මෙලෙස වාර්තා වී ඇති රෝගියා ඊයේ දිනයේදී කුවේටයේ සිට මෙරටට රැගෙන ආ පිරිස අතරේ සිටි අයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

අද දිනය වන විට කොරෝනා ආසාදිත රෝගීන් 584 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 435ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.