Wednesday, May 15, 2024

General line - 0115112241

"ඕන දවසක ලංකාවට එන්න පුළුවන්" - ටිකට් වෙන් කර මුදල් වංචා කරන ජාවාරමක්




කොවිඞ් වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිර වී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගත හැකි බව පවසමින් ඔවුන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. 

ශී‍්‍ර ලංකාවේ සිට ගුවන් ටිකට්පත් වෙන්කර දෙන බවට පවසා එරට සිටින ශී‍්‍ර ලාංකිකයින්ගෙන් මුදල් වංචා කිරීම මෙම සැකකරුගේ අරමුණ බවයි වැඩිදුරටත් හෙළිවන්නේ. සැකකරු මෙම ජාවාරම සිදුකර ඇත්තේ අන්තර්ජාලය භාවිත කරමින්.

සැකකරු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශී‍්‍ර ලාංකිකයෙකුගෙන් මුදල් ලබාගැනීමට එලෙස උත්හායක නිරත වන හඩපටයක් ද අප වෙත ලැබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශී‍්‍ර ලාංකිකයෙකු තමන් මුහුණදුන් තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා. 

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ලොව විවිධ රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට රැගෙන ඒම සදහා රජයේ මැදිහත්වීමෙන් කි‍්‍රයාත්මක වැඩපිළිවෙල තවදුරටත් කි‍්‍රයාත්මකයි.