Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට




නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

අද (21) දිනයේ පස්වරු 4.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින් වනවා. ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බවයි වාර්තා වන්නේ.

මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 417ක් වනවා.