Wednesday, May 15, 2024

General line - 0115112241

අධික තෙරපුමෙන් තිදෙනෙක් මියගිය සිද්ධියේ සැකකරුවන් 06 දෙනා රිමාන්ඩ්




මාලිගාවත්ත, ජුම්මා මජිඩ් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 06 දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කරනු ලැබුවා.

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුවා. ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇත්තේ ඇඳිරි නීති කාලය තුළදී බවයි පොලිසිය පැවසුවේ.

තෙරපීමට ලක්වූ තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ආධාර බෙදාදුන් ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.