Tuesday, May 21, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් විශේෂ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව අද සිට ඇරඹේ




මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ”නෙත් එෆ් එම් පහේ පංතිය” ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව අද ආරම්භ වනවා. 

අද සවස 5 ට ප‍්‍රචාරය වන්නේ එහි සමාරම්භක වැඩසටහනයි. එම වැඩසටහන ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින් මෙහෙයවනවා..

මෙම වැඩසටහනට සුබ පැතුම් එක්කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ, ”නෙත් එෆ් එම් පහේ පංතිය” ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා විශිෂ්ඨ පියවරක් බවයි.

නෙත් එෆ් එම් පහේ පංතිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව සදහා ඇස්ට‍්‍රා සහ සමනල ප‍්‍රකාශන අනුග‍්‍රහය දක්වනවා.