Tuesday, May 21, 2024

General line - 0115112241

වෛද්‍ය උපදෙස් නොතකා දේශපාලඥයන් ප්‍රවර්ධනය කළ 'හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන්' කොරෝනා රෝගීන්ට සුදුසු නැති බව හෙළිවේ




මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර සඳහා ලබාදෙන හයිඞ්රොක්සි ක්ලෝරොක්වීන් එන්නත, කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර වශයෙන් භාවිත කිරීමට සුදුසු නොවන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. 

එම අධ්‍යයනය සිදු කර ඇත්තේ, සුප‍්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සඟරාව මගින්. 

මැලේරියා රෝගීන්ට ලබා දෙන එන්නත ලබාගත් කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානම ද, සාමාන්‍ය කොරෝනා රෝගීන් මිය යෑමේ අවදානමට වඩා ඉහළ බව එම අධ්‍යයනය මගින් හෙළිව තිබෙනවා. 

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෛද්‍ය උපදෙස් නොතකමින්, මෙම එන්නත කොරෝනා රෝගීන්ට ලබා දිය යුතුයි යන මතය දිගින් - දිගටම ප‍්‍රවර්ධනය කරමින් සිටිනවා. 

මෙම එන්නත භාවිතයෙන් කොරෝනා රෝගීන්ට හෘදයාබාධ ඇති විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබුණ ද ජනාධිපති ට‍්‍රම්ප් එම එන්නත ප‍්‍රවර්ධනය කිරීමට උත්සාහ දැරීම බොහෝ දෙනාගේ විමතියට ද හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.