Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා වසංගතය හේතුවෙන් රුසියාවේ සිර වූ පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන එයි




කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, රුසියාවේ මොස්කව් නුවර රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ඊයේ රාත‍්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබුවා. 

එම පිරිස රැගත් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1206 දරණ විශේෂ ගුවන් යානය ඊයේ රාත‍්‍රී 10.54 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළ`ගා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

එලෙස දිවයිනට ගෙන්වා ගැනුණේ රුසියාවේ  උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි ශ‍්‍රී ලාංකික සිසුන් පිරිසක්. 

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම පිරිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් විසින් විශබීජහරණයට ලක් කිරීමෙන් පසු, ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.