Monday, May 20, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් 96 දෙනෙක් වාර්තා වෙයි 




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (26) දිනයේ පස්වරු 6.45 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මෙරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි. මිට පෙර අප්‍රේල් මස 27 වෙනිදා කොරෝනා අසාදිත රෝගීන් 65 දෙනෙකු වාර්තා වුවා.

මෙලෙස වාර්තා වූ රෝගීන් 96 දෙනා ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 712ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 556ක් වනවා.