Monday, May 20, 2024

General line - 0115112241

ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ 




ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සිටිනවා.

ඒ අනුව මැයි 31 ඉරිදා,දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.  ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල  ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ජූනි 04 වෙනිදා සහ සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි. 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.