Tuesday, May 21, 2024

General line - 0115112241

අසභ්‍ය වීඩියෝ සිද්ධියට ප්‍රකාශයක් ගන්න හරින්ව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධනට අපහාස වන පරිදි සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අසභ්‍ය වීඩියෝව පිළිබඳ ප‍්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා. මේ වනවිටත් හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රකාශය ලබා ගැනෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙකු පෙනී සිටී අදාල අසභ්‍ය වීඩියෝව කූඨ ලෙස සංස්කරණය කර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට වෛද්‍ය කවින්ද ජයවර්ධන පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුවයි කොළඹ අපරාධ කොට්ඨාශය මෙම විමර්ශන සිදුකරන්නේ. 

මීට අදාලව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගැනුණා. ඉරාජ් වීරරත්න එහිදී ප‍්‍රකාශ කර තිබුණේ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ දියණිය වන මල්ෂා කුමාරතුංග විසින් අදාල වීඩියෝව තමන් වෙත එවූ බවයි. ඒ අනුව මල්ෂා කුමාරතුංගගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය මීට පෙර අවස්ථා තුනකදී ප‍්‍රශ්න කළා.

අධිකරණ නියෝගයක් යටතේ ඇගේ ජංගම දුරකථනය ද කොළඹ අපරාධ කොට්ඨාසය යටතට ගෙන විමර්ෂන සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එහිදී හෙළි වූ කරුණු සහ මල්ෂා කුමාරතුංගගේ ප‍්‍රකාශ අනුව හිටපු අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු ප‍්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.